අලුතෙන් ඉදි කෙරෙමින් තිබූ ක්‍රීඩා මන්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් ගල්කිරියාගම පාසල් සිසුවෙකු ඊයේ (09) මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර, පලාගල, බුදුගෙහින්න මහා විද්‍යාලයේ 10වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි එල් .කේ .පසිඳු ක්‍රිෂාන් කරුණාතිලක නැමැති සිසුවකි.
පාසල් කාලයෙන් පසු ක්‍රිඩා පුහුණු කටයුතුවල නිරතව සිටි මෙම සිසුවා තවත් සිසුන් කීප දෙනකු සමග පාසලේ අලුතින් ඉදිකෙරෙමින් පැවැති ක්‍රීඩා විවේිකාගාරයේ කොන්ක්‍රීට් කනුවකට හේත්තු වී ගිමන් හරින අතරතුර මෙම කොන්ක්‍රීට් කනුව කඩා වැටී ඇති බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
බරපතළ තුවල ලැබූ සිසුවා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට රැගෙන එන විටත් මිය ගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මෙවර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී එම දරුවන්ගෙන් මුදල් අය කරමින් විදුහල්පතිවරයා විසින් මෙම ක්‍රීඩා විවේකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවත් මෙහි කොන්ක්‍රීට් කණු නිසි පරිදි සවි නොකර ඉතා අනාරක්ෂිත ආකාරයෙන් තබා ඇති බවත් එම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වයට මූන පෑමට සිදු වූ බවත් මවුපියන් චෝදනා කරති.
පාසැලේ සිසුවකු මේ ආකාරයෙන් මිය ගොස් තිබුනද පස්වරුව වෙන තෙක්ම විදුහල්පතිවරයා පාසැලට හෝ රෝහලට නොපැමිණි බවද දෙමාපියෝ චෝදනා කළේය.
ගල්කිරියාගම පොලීසියේ නිලධාරීහු පාසලට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබු අතර සිසුන් හා මවුපියෝ පාසලේ නොසන්සුන් කාරී ලෙස හැසිරුනු බවද වාර්තා වේ.