LTTE ප්‍රභලයින් දෙදෙනෙකුට වසර 185ක සිර දඩුවම්

Share

ආරක්ෂක අංශ නිලධාරීන් ගමන් ගත් ඇන්ටනෝ 32ක වර්ගයේ මගී ගුවන් මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙළා විනාශ කළ බවට අනුරාධපුර මහාධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ මිසයිල බළකායේ හිටපු ප්‍රභලයින් දෙදෙනෙකුට වසර 185ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහෙෂ් වීරමන් මහතා විසින් නියම කළේය.

ඒ ඔවුන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වරද පිළි ගැනීම හේතුවෙනි. 2000 වසරේ මාර් තු මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයක පළාලි ගුවන් හමුදා කඳවුරේ සිට රත්මලාන ගුවන් හමුදා කඳවුර දක්වා ගමන් කළ ඇන්ටනෝව් යානයක් විල්පතතුව ජාතික වනෝද්‍යානයේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් විනාශ කර තිබුණි.

එම දඩුවම් එකවර (වසර පහක්) ක්‍රියාත්මක කර ගෙවියන ලෙසට නියම කරන බව විනිසුරුවරුයා විවෘත අධිකරණය හමුවේ පැවසුවේය.

මෙම ප්‍රහාරයෙන් යානය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර ආරක්‍ෂක අංශ සාමාජිකයන් 32 දෙනකු එහිදී ජීවිතක්ෂයට  පත්විය.

මෙම සැකකරුවන් දෙදෙනා 2010 දී  ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් ප්‍රහාරයට යොදාගත් රුසියවේ නිෂ්පාදිත ස්ටෙලා වර් ගයේ මිසයිල විදිනය හා ඊට යොදා ගන්නා ස්ටෙලා වර් ගයේ මිසයිල දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

විත්තිකරුවන් දෙදෙනා වසර අටකට ආසන්න කාලයක් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාරගතකර සිටි අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කාල සීමාව සම්බන්ධයෙන්ද සලකා බලමින් විනිසුරුවරයා විත්තිකරුවන්ට සිර දඩුවම් නියම කළේය.

අද (10) නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තිකරුවන් දෙදෙනා සියළුම චෝදනාවන්ට වරද පිළිගන්නා බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබිය.

Read more

Local News