පිළියන්දලින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමුවෙයි

Share

පිලියන්දල පොලිස් වසමේ හැඩිගම අලුත් පාරේ කැපුම් තුවාල සහිත පිරිමි මෘත ශරීරයක් පොලීසිය විසින් ඊයේ(11) රාත්‍රී 11.10ට පමණ සොයාගෙන තිබේ.

පිළියන්දල පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මරණයට පත් අය වයස 22ක් වූ බටගල්ලේ ගෙදර සුමුදු සෙනෙවිරත්න නම් පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.

පොලීසිය විසින් මරණකරුගේ මෘත ශරීරය පරීක්ෂා කිරීමේදී බෙල්ලේ හා පපු ප්‍රදේශයේ කැපුම් තුවාල තිබී ඇති අතර මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව සහිතව ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද(12) සිදු කිරීමට නියමිතයි.

Read more

Local News