2019 දැවැන්තම මූල්‍ය අර්බුදය ගැන බන්දුල හෙළිකරයි

Share

ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 200 සීමාව දක්වා පැමිණීම සිදු වෙතැයිද යන්න පිළිබඳව කිව නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (13) දින පැවති මාධ්‍ය හමුවකදීය.

රටේ ආර්ථිකය කඩා වැටීමකට ලක්ව තිබේ නම් වෙනත් රටකින් ණය මුදලක් ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වන බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

එසේම පසුගියදා මාධ්‍ය හමුවකදී චීන මධ්‍යම බැංකුවේ පැන්ඩා බැඳුම්කර ගිවිසුම සහ ජපානයේ සමුරායි බැඳුම්කර ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා අදහස් පළ කර තිබුනි.

ඒ සම්බන්ධයෙන්ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවට නිදහස උදාවීමෙන් පසු මේ වන තෙක් ලංකා ඉතිහාසයේ කිසිදු දිනයකදී මෙවැනි පැන්ඩා බැඳුම්කර ගිවිසුමක් සහ ජපානයේ සමුරායි බැඳුම්කර ගිවිසුමක් අත්සන් කිරීම සිදු කර නොමැති බවයි.

එසේම මේ වසරේදී ඇති වී තිබෙන දැවැන්තම මූල්‍ය අර්බුදය මෙය වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

Read more

Local News