සංචාරක කර්මාන්තය ඇතුළු ව්‍යාපාර ලියාපදිංචි වීම අනිවාර්ය කරයි

Share

සංචාරක කර්මාන්තය විධිමත් කිරීමේ හා සංවර්ධනය කිරීමේ අරමුණෙන් සංචාරක කර්මාන්තය හා සම්බන්ධ හෝටල්, සංචාරක නියෝජිතායන්, සංචාරක නිකේතන ඇතුළු ව්‍යාපාර ආයතන ශ්‍රී ලංකා සංචාර සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.

එසේ ලියාපදිංචි නොවන ව්‍යාපාර වැටලීමේ අංශයක් අධිකාරිය මඟින් ස්ථාපිත කර ඇති අතර එවැනි ව්‍යාපාරිකයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු සැලසුම් කර ඇත.

මෙම වැඩපිළි‍වෙළ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර අැති අතර, සංචාරක ව්‍යාපාර හිමිකරුවන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

 

 

Read more

Local News