සේනා නසන්න විශේෂ ක්‍රියාන්විතයක්

Share

සේනා දළඹුවන් මර්දනය කිරීම වෙනුවෙන් විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

හෙට(16) සිට එළඹෙන 31 වනදා දක්වා මෙම විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට නියමිතයි.

ගොවීන්ගේ ද සහභාගිත්වයෙන් එහිදී විශේෂ උපක්‍රම පිළිබඳව සාමූහිකව කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා පවසයි.

මෙම පළිබෝධ හානියට ප්‍රධාන හේතුව ගොවීන් කඩින් කඩ වගා කටයුතු කිරිම බව ද, එක් කාලයක වගා කළේ නම් මෙයට විසඳුමක් සෙවීම පහසු විය හැකි බව ද විජේතුංග මහතා පවසයි.

Read more

Local News