තෛපොංගල් දින සැමරුමක් වෙනුවෙන් වවුනියාව ඉරට්ටපෙරියකුලමේ දිය නෑමට පැමිණි තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අද(15) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.
පොලිසිය පැවසූවේ තරුණයින් හය දෙනෙකු දිය නෑමට පැමිණ ඇති අතර එහිදි තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී ඇති බවයි.
වවුනියාව වෙප්පම්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ත් 20 ත් අතර වයසේ පසුවන තරුණයින් පිරිසක් එලෙස දිය නෑම වෙත පැමිණ සිටි බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




