යහපාලනයෙන් බැහැර වන බව රවී කියයි

Share

යහපාලන සංකල්පයෙන් බැහැරව දේශපාලනය කිරිමේ අවශ්‍යතාවය මතුව ඇතැයි අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදි අමාත්ර‍යවරයා වැඩ්ටදුරටත් පැවසුවේ තුල සිදුකරන සංවර්ධන ව්‍යපෘති පිළිබඳව ජනතාව දැනුවත්ව නොමැති බවයි.

2019 පළමු වසරේ පාසල් ළමුන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ උත්සවක් ඊයේ පස්වරුවේ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔබේසේකරපුරදී පැවැත් විය.

සංවර්ධනය සිදුවෙන බව පෙනුනත් ජනතාවගේ ඇඟට දැනෙන්න කිසිවක් සිදුවන බවක් පෙනෙන්නට නැතැයි ඇතැමුන් පවසන බව ද කියා සිටි රවී කරුණානායක මහතා සියලු දෙනා ස්වයං විවේචනයක් තුළින් කටයුතු කිරීමට මෙයට ඇති විසඳුම බව ද පැවසීය.

තම රජය තරම් කිසිවෙක් සංවර්ධනයට මුදල් වෙන්කර නොතිබුණත් මාධ්‍ය තුළින් ඒ බව ප්‍රකාශ කිරීමට හිමිවන ඉඩ ප්‍රස්ථාව අද වන විට සීමා වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුවලින් විශාල ප්‍රචාරයක් සංවර්ධන වැඩවලට හිමිවු බවත් එය සංසන්දනය කිරීමේ දී පෙනී යන බව ද කියා සිටියේය.

මෙතෙක් වෙලා යහපාලනය කළ බවත් මින් ඉදිරියට දේශපාලනය කිරීම අවශ්‍ය වන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News