ගින්ගත්හේන පොලිස් වසමට අයත් කඩවල ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක සිව් දිනක් තිස්සේ හට ගත් ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ප්‍රදේශවාසින් පවසයි.
වන සංරක්ෂණ දේපාර්තුමේන්තුව යටතේ පාලනය වන මෙම ෆයිනස් වන වගා රක්ෂිතය ගිනිගත්හේන දියගල ප්‍රදේශය
සහ නෝටන්බ්‍රිජ් ප්‍රදේශය දක්වා අක්කර 100 කට වැඩි භුමි ප්‍රමාණයක විහිදි ඇති බවයි ප්‍රදේශාවාසින් පවසන්නේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ මෙම ෆයිනස් වන වගා
රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබා ඇති අතර එම රක්ෂිතය තුළ ගෝනුන්, වැලිමුවන්, දිවියන්, හාවුන්, වල් ඌරන් වැනි සිව්පාවන් ඇතුළු පක්ෂින් ගණනාවක් වෙසෙන් බව ප්‍රදේශවාසින් පවසයි.
මෙම ෆයිනස් වගාව හරහා ජල මුලාශ ගණනාවක් කැළණි ගඟට ගලා බසින බවද ප්‍රදේශවාසින් පවසයි.