මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වැඩ වර්ජනයක

Share

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද(21) ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් පළාත් පාලන ආයතනවල සෞඛ්‍ය අංශයේ රාජකාරි රැසක් අඩාල වි ඇති බව එම පළාත් පාලන ආයතනවල සේවකයින් පැවසිය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දිනපතා තම පළාත් පාලන ආයතනයේ සෞඛ්‍ය අංශයේ කම්කරුවන් උදැසන පෙරට්ටුවකට කැඳවා දෛනික රාජකාරි කටයුතු ඔහුන් වෙත පවරන අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දෛනික පෙරෙට්ටුව නොපැවැත්වුණු බවයි පළාත් පාලන ආයතන වල සේවකයින් කියා
සිටියේ.

මහජන සෞඛය පරික්ෂකවරුන් සංකේත වැඩ වර්ජනයක නිරත වි සිටිම හේතුවෙන් සියළුම පළාත් පාලන ආයතන වලින් ටෙන්ඩර් මගින් ගව මස් අලෙවි කිරිම සඳහා බලපත්‍ර ලබාගෙන ඇති සියළුම ගවමස් වෙළදසැල් අද දින වසා දමා තිබුණි.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් අද දින ආරම්භ කර ඇති මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අසනිප නිවාඩු දමා මෙම වෘත්තිය සමිති ක්‍රියාවලියේ නිරතව සිටියේය.

Read more

Local News