Tuesday, March 19, 2024.

රුවන්පුරේ ජල පෝෂකේ ගිනි අැවිලේ

Share

හැටන් රුවන්පුර ජනපදයේ ජල පෝෂක ප්‍රදේශයක අද(21) පස්වරුවේ ගින්නක් හටගෙන ඇත.

හැටන් රුවන්පුර ජනපදයට පානිය ජලය ලබා ගන්නා ජල පෝෂක ප්‍රදේශයේ අද පස්වරු 4 ට පමණ හට ගත් ගින්නෙන්
අක්කරයක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබේ.

ගින්නෙන් එම රක්ෂිතයට යාබදව තිබෙන පෞද්ගලික ඉඩමකටද ගින්න පැතිර ගෝස් තිබුණි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඇතැම් පිරිසක් විසින් විනෝදාශ්වාදය සඳහා සහ සතුන් දඩයම් කිරිමේ අරමුණින් ගිනි තැබිම් සිදු කරනු ලබයි.

මෙසේ රක්ෂිතවලට ගිනි තබන අය පිලිබඳව තොරතුරු වෙතොත් ලඟම ඇති පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය
මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News