නව ව්‍යවස්ථාවක් සකස්කර ගැනීමට ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාව අද උදා වී තිබේනවා – සෞඛ්‍ය අැමති

Share

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (31) පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව වන විවාදයට එක්වු අතර  එහිදී ප්‍රකාශ කළේ, නව ව්‍යවස්ථාවක් සකස්කර ගැනීමට ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාව අද උදා වී තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිමූර්තිමත් වන ව්‍යවස්ථාවක් ලබාගන්න හැකි වුණොත් එය අප ලබන ජයග්‍රහනයක් බවයි.

හැමෝම කතා කරන්නේ ආගම බේරා ගන්න, ජාතිය බේරාගන්න. තාම කතා කරනවා ජාතික ප්‍රශ්නය විසඳාගන්න. අද මේකට විරුද්ධ වෙන අයට ල්ජ්ජා වෙන්න වෙනවා. තමගේ බලතල පාර්ලිමේන්තුවට ලබාදෙන්න එකඟ වු ජනාධිපතිවරයෙක් අප බිහි කරගත්තා. බණ්ඩාරනායක මහත්තයා මේ ප්‍රශන්ය විසඳන්න ගිහින් දැන් වසර 60ක් වෙලා තිබෙනවා. මේ කතා කරන විට අපි හිටියේ ජපානයට විතරක් පහළින්. නමුත් අපිට උම්බලකඩ විකුණන මාලදිවයිනටත් පහළ ආර්ථිකයක් අපට තිබෙන්නේ. ඉන්දියාව අපේ භාරතය වෙනුවෙන් තීන්දු ගන්නවා කියා තීන්දු කරපු නිසා රටක් හැටියට ඉදිරියට යමිත් තිබෙනවා. 72 ජනරජ ව්‍යවස්ථාව බිහි කරන්න පැමිණි ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී එදා හිටපු විපක්ෂ නායක ජේ ආර් ජයවර්ධන මහත්තයා විධායක ජනාධිපති ක්‍රමය යෝජනා කළා. එදා ඩඩ්ලි සේනානායක මහතාත් කිව්වා විධායක ක්‍රමය  සුදුසු නැහැ. ජේ ආර් හා ප්‍රේමදාස මහත්තයා එක්ක තමයි මේ යෝජනාව ගෙනාවේ.

1977 හයෙන් පහේ බලය මත විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවා. එදා පාර්ලිමේන්තුවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙයට විරුද්ධව කතා කළා. එදා බණ්ඩාරනායක මැතිණිය මෙයට විරුද්ධව කතා කළා. ව්‍යවස්ථාවට විරුද්ධව එදා හයිඩ් පාක් පිටිය පිරෙන්න සෙනග හිටියා. එදා වාසුදේව නානායක්කාර මහත්තයත් ආවා. වාසුදේවට එදා ගැහුවා. මේ ඉතිහාසයේ මම හිටියේ විධායක ක්‍රමය අහෝසි කිරීමටයි. නමුත් අපි 18 වැනි සංශෝධනයට අත උස්සා පාපකර්මයක් කර ගත්තා. අපට හමුවන පළමු අවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියා බණ්ඩාරනායක මැතිණිය සපථ කළා. ඒ නිසයි 1994දි මැතිවරණ පොරොන්දුවක් ලබාදුන්නේ. චන්ද්‍රිකා මැතිණිය 1995 අගෝස්තු 15 පෙර අහෝසි කරන බව කිව්වා. එතුමියගෙන් පසුව ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමා 2010 මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු වුණේ විධායක අහෝසි කරන බවටයි. ‍ජී එල් පීරිස් මහත්තා අද විවිද කතා කියනවා. නමුත් 1994දී එතුමා කිව්වෙ පාර්ලිමේන්තු විධායක ක්‍රමයක් ඇති කරගත යුතුයි කියායි. ජනාධිපතිවරයා නාමික රාජ්‍ය නායකයකු පමණක් විය යුතුයි කියා එදා ජී එල් කිව්වා. දිනේෂ් ගුණවර්ධන මහත්තයා විධායක ක්‍රමය ‍අහෝසි කළ යුතුයි කියා 2014දීත් කිව්වා. අද මේකට විරුද්ධ වෙන කට්ටියට අනාගතයේදී ලැජ්ජාවක් ඇතිවේවි. 2001දී එජාප ආණ්ඩුව විසින් විධායක බලතල අඩු කළා නමුත් 2010 නැවත 18 වැනි සංශෝධනය මඟින් බලතල පවරා ගත්තා.

ඉතිහාසයේ ස්වර්නමය අවස්ථාව අද උදා වෙලා තිබෙනවා. දෙමළ සන්ධානය පළමුවරට ඒකීය රාජ්‍ය පිළිගන්නවා.මේ ව්‍යවස්ථවට විරුද්ධ වෙනවා නම් ඊට වඩා දේශද්‍රෝහීන් නෑ. බුදු දහමට ප්‍රමුඛතාවය ලබාදෙනවා කියලා සියලු පක්ෂ එකඟ වී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිමූර්තිමත් වන ව්‍යවස්ථාවක් ලබාගන්න හැකි වුණොත් අප ලබන ජයග්‍රහනයක් බවද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News