පොලිස් දෙපාර්තමේන්තුවේ ගුණාත්මකභාවය වැඩ් කිරිමට පියවර

Share

පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත් කිරිමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසීය.

ජාතික පොලිස් ඇකඩමිය උපාධි මට්ටමට ගෙන ආ යුතු අතර ඊට යම් බාධාවන් තිබේ නම් එම සියලු බාධා ඉවත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (21) දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා සහතික ප‍්‍රදානෝත්සවය අමතමිනි.

පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට හා එහි ගුණාත්මකභාවය ඉහළ නංවමින් උසස් ප‍්‍රමිතියක් ඇති කිරීමට කළයුතු බොහෝ කාර්යයන් පසුගිය කාලය තුළ අතපසු වී ඇති බව ජනපතිවරයා සඳහන් කළේය.

තමා පොලිස් දෙපාර්තමේන්තුව භාරගෙන මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ එය ශක්තිමත් කිරීමට පියවර රැසක් ගත් බවත් පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට අවශ්‍ය නීති සංශෝධන රැසක් මේ වන විට සිදුකර තිබෙන බවත් පැවැසීය.

Read more

Local News