ඌව රෝහල් 13කට ගිලන්රථ ලබා දෙයි

Share

ඌව පළාත් සභාව මගින් පාලනය වන රෝහල් 13කට නව රුපියල් මිලියන 128 ක් වටිනා ගිලන්රථ ලබාදීම ඌව පළාත් සෞඛ්‍ය ඇමති අනුර විදානගමේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුවිය

ඉගිනියාගල, බුත්තල, වැල්ලවාය, ඔක්කම්පිටිය. සෙවනගල මීගහකිවුල  ,දඹාන , ගලඋඩ, බොලන්ද , පස්සර, බණ්ඩාරවෙල , දියතලාව , හල්දුම්මුල්ල යන රෝහල් වලට මෙසේ ගිලන් රථ භාරදෙන ලදී.

ඔස්ට්‍රියාන් ආධාරයක් ලෙස මෙම ගිලන් රථ ලැබුණ බව ඌව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි

Read more

Local News