ශ්‍රීලනිපය ඕනෑම මැතිවරණයක් සඳහා සුදානමි

Share

පළාත් සභා මැතිවරණය රටේ සියලු පළාත් වල එක් දිනයක පැවැත්විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පාදුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ප්‍රධාන වශයෙන් දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත්ව ආණ්ඩුකාරවරුන් පළාත් සභා මැතිවරණය එකවර පැවත්වීම සඳහා එකඟ වි ඇති බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පකෂය ඕනෑම මැතිවරණයක් සඳහා සුදානමින් පසු වන බවද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News