නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සියලු දෙනා එකඟතාවයකින් කටයුතු කරමු – අගමැති

Share

අද (01) තෙවැනි දිනටත් විවාදයට ගැනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව විවාදයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සියලු දෙනා එකඟතාවයකින් කටයුතු කරමු. අප රටක් හැටියට ඉදිරියට යමු. අපි සාකච්ඡා කර විසඳුමක් ලබාදෙමු. අපි ජාතික එකඟතාවයක පැමිණෙමු. රටේ ඒකීයභාවය නැති කිරීමට අපිට වුවමනා නැති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කළේ පර්ලිමේන්තුවේ යෝජනාවක් අනුවයි. පක්ෂ ගණනවකට වරමක් තිබුණා අලුත් ව්‍යවස්ථාව සකස් කරන්න. ජනත වරමින් පිට යන්න බෑ. එයින් පිට යන්න කටවත් කියන්න බෑ . පාර්ලිමේන්තුවට තියෙන්නේ කෙටුම්පත සම්මත කරන්න පමණයි විවිධ කාරක සභාවන් පත් කළා. අනුකාරක සභා හතක් පත්කර තිබෙනවා. මෙහෙයුම් කොමිටියෙන් අනුකාරක සභා හයකට විෂයන් හයක් භාර දුන්නා. මේ විෂයන් සියල්ල බාර දුන්නා. වාර්තා සභාවට ලබාදි තිබෙනවා. අපි පළමු පියවර ගත්තා. මෙහෙයුම් කොමිටිය තීරණය කළා, කිසිදු අනුකොමිටියක් වෙත භාර නොදුන් යෝජනා අනුකමිටුව මඟින් තීරණය කරන්න. එක රාමුවක් තුළ සකස් කරන්න තියෙන්නේ. විශාල අඳහස් ගණනාවක් සාකච්ඡා කළා.

අපි අවස්ථාවේ දී අතුරු වාර්තාව සකස් කළා සභාවට දැනුම් දෙන්න. ප්‍රතිපත්ති හා සූත්‍රයන් මේ වාර්තාවේ අන්තර්ගත වෙනවා. ඒ යෝජනා ගැන පමණයි කත කළේ. මෙය ව්‍යවස්ථා කෙටුම්පතක් නොවේ. නීතිමය කෙටුම්පතක් නොවේ. විවිධ අඳහස් පිළිබිඹු කරන්න යෝජනා, විකල්ප යෝජනා තිබුණා. අඳහස් ව්‍යවස්ථාව පිළිබඳ නම් සම්පූර්ණයෙන් දාන්න කිව්වා. එහෙම වාර්තාක් ඉදිරිපත් කර තිබෙන්නේ. ව්‍යවස්ථාවක් හා කෙටුම්පත් නොවේ. මේ සභාවට ගෙනැල්ලා අඳහස් දැනගන්නයි අවශ්‍යය.

දැන් තමයි වැඩ ආරම්භ කරන්න තියෙන්නේ. අන්තර්වාර් වාර්ත අදහස් ලබාගන්නයි තිබුණේ. අනුකොමිටි හයේ යෝජනා සළකා බලා නෑ. ජනතා අඳහස් ගන්න කොමිටියක් පත් කළා. සභාව එකඟ නම් අපිට තිබෙන්නේ ඉතුරු වැඩ කරන්න. දැන් අපි මේ අනුකොමිටි වාර්තා සළකා බලනවා.

අපි මහනායක ස්වාමින් වහන්සේලා වෙනම හමුවෙනවා. ආගමික නායකයින් හමුවෙනවා. සුමානයකින් කරන්න බෑ. මාසයක් ගන්න වෙයි ප්‍රාදේශීය සභා ඡන්දය කරන්න. ජනාධිපතිතුමාත් හමුවෙනවා. දැනට මුකුත් ඇතුළත් කර නෑ. පළමු පියවර වයවස්ථා දායක සභාවට වාර්තාව ඉදිරිපත් කළා. ජනතාව සමඟ පුළුල් සාකච්ඡාවක් කළ යුතුයි. ව්‍යවස්ථාදායක සභාව වාද කළාට පස්සේ, සංශෝධන ඇතුළත් කර අන්තිම වාර්තාව එවන්න කියන්න පුළුවන්.පිළිගත්තොත් ,සංශෝධන ඇතුළ් කරලා,අන්තිම වාර්තාව දාන්න. මේ සාමාන්‍ය ඡන්දයෙන් සම්මත වුණොත් පාර්ලිමේතුවේ තුනෙන් දෙකෙන් සම්මත වුණොත් කබිනෙට් එකට දාන්න වෙනව. තුනෙන් දෙකෙන් සම්මත වුණොත් කෙළින් ම කබිනට් යනවා. මෙය රට බෙදන එකක්වත් හදිසියෙන් ගේන එකක් නොවේ. රහසක් නෑ.

අපි දැනට අපේ විවිධ අඳහස් ප්‍රකාශ කරලා, කොහොමද එකඟතාවයට එන්නේ කියලා බලන්න ඕන. පළමුවරට ඔක්කොම එකඟතාවයෙන් මෙතැන දාලා තිබෙනවා. පළමු වරට ප්‍රයෝජනයක් අරගෙන ඉදිරියට යනවද, මෙතැන විනාශ වෙනවාද? ප්‍රශ්නය මොකක්ද කියලා ඉස්සරලා බලමු. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ සිට මේ ප්‍රශ්නය ඇති වුණා.

දිස්ත්‍රික් සංවර්ධන සභාවට වැඩි බලතල එදා දුන්නා නම් මෙවැනි ප්‍රශ්නයක් අද ඇතිවන්නේ නෑ. එවෙලෙ දුන්නා නම් මෙවැනි තත්වයක් ඇතිවන්නේ නෑ. අවාසනාවකට එය නැති කරගත්තා. 13 වැනි සංශෝධනයෙන් මේ රට නැතිවෙනවා, කිව්වා. එදා රට බෙදනවා කිව්ව අය 13 ට ආවා.අපි අවස්ථා කීපයක් බැලුවා. යුද්ධය අවසන් වුණාට ප්‍රශ්නය අවසන් වුණේ නෑ. මහනායක ස්වාමින්වහන්සේලාටත් ප්‍රශ්නයට මුහුණ දෙන්න වුණා.

අප රටක් හැටියට ඉදිරියට යමු.අපි සාකච්ඡා කර විසඳුමක් ලබාදෙමු.සිංහල බෞද්ධයෝ ඉන්නේ. අපි එය නැතිකරන්න ද ඉන්නේ? අපි ඉන්නේ ඒකීයභාවය නැති කරන්නද?  අපිට ඒකීයභාවය නැතිකරන්න වුවමනා නැහෑ. වුවමනා තැනට එන්න. අපේ දේශපාලනය එතැනට එන්න. මේක විසදමු. මෙතැනට එන්නේ ව්‍යවස්ථාදයක සභාවයි. කවුරුත් කොන් කරන්න වැඩක් නෑ. අපි ජාතික එකඟතාවයක එමු. කිසිම යෝජනාවක් ප්‍රතික්ෂේප කළ යුතු නෑ. අපි ලැස්තියි ඒ ගැන කතා කරන්න.

අපි යෝජනා සකස් කරමු.ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය ඇහුම්කම් දෙනවා. සමහර අය විරුද්ධ වෙනවා. ඒකීය රාජ්‍ය ආරක්ෂා කරමින්  සිංහල,දෙමළ,මුස්ලිම්  ජනතාවට සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහිකරගත හැකි යැයි තරයේ විශ්වාස කරමු. සියලු දෙනාම එකඟ වෙනවා. අපි එකඟ වී වැඩේ කරමු. මුළු රටේම මිනිස්සු එකඟ නම් පළාත් සභා 15 කරන්න පුළුවන් ඔන නම් තුනක් කරන්නත් පුළුවන්. ජනතාවට අවශ්‍ය නම්  කරන්න පුළුවන්. බලයෙන් එක කරන්න බෑ. ජනාධිපතික්‍රමය ගැන සාකච්ඡා කරන්න ලෑස්තියි. පළාත් සභා ක්‍රමය ඒකීය රාජ්‍යයට තර්ජනයක් නොවිය යුතුය. ඔව් අපි එකඟයි. දැන් ඇයි විරුද්ධ වෙන්නේ. අපි වාඩි වෙලා සකච්ඡා කර එකඟතාවයකට එන්න බලමු යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News