ඩෙවොන් අැළට සිදුවී අැති විනාශය

Share

දෙස් විදෙස් සංචරකයන්ගේ ආකර්ෂණයට ලක් වි ඇති සුන්දර ඩෙවොන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩෙවොන් ඇළට සත්ත්ව ගොවිපොලක මලපහ සහ අපද්‍රව්‍යය සෘජුවම මුදාහරින හැටන් කොටගල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොලක කළමණාකාරවරයාට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කළ බව කොටගල ප්‍රාදේශිය සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසිය.

කොටගල සිට ඩෙවොන් දිය ඇල්ල දක්වා කිලෝමිටර 3 ක් පමණ ඩෙවොන් ඇළේ ජලය ගලා බසින අතර එම සත්ත්ව ගොවිපොලේ සතුන්ගේ මලපහ සහ අපද්‍රව්‍යය සෘජුවම ඇළටමුදා හැරිම නිසා ප්‍රදේශයේ විශාල පරිසර හානියක් සිදුවී අැත.

එම ඇළේ ජලය ප්‍රදේශවාසින්ට පරිහරණය කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ප්‍රදේශය පුරා දැඩි දුගන්ධයක් හැමිම සම්බන්ධයෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය මගින් හෙලි කිරිමත් සමඟ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ(29) පස්වරුවේ එම සත්ත්ව ගොවිපොලේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

එම සත්ත්ව ගොවිපොල වසර කිහිපයක් තිස්සේ කිසිදු පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් එම ගොවිපොලේ ගවයන්ගේ මලපහ සහ අපද්‍රව්‍යය සෘජුවම සුක්ෂම ලෙස ගොවිපොල අසලින් ගල බසින ඩෙවොන් ඇළට මුදා හරින බව හදිසි නිරික්ෂණ චාරිකාවට එක් වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට අනාවරණය විය.

එම සත්ත්ව ගොවිපොලේ මිය යන එළ ගවයන්ගේ සිරුරු පවා නිසි ක්‍රමවේදයකට මිහිදන් නොකරන බවටද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට කරුණු අනාවරණය වු නිසා එම සත්ත්ව ගොවිපල නිසි පරිසර ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යන තෙක් තාවකාලිකව එම සත්ත්ව ගොවිපොල වසා දැමිමට අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

ඩෙවොන් ඇළේ ගල බසින ජලය කොටගල ප්‍රදේශයෙන් දෙස් විදෙස් සංචාරකයන්ද ස්නානය කරන අතර ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ ඇළේ ජල මට්ට්ම පහල බැසිම නිසා ගොවිපොලෙන් මුදා හරින සත්ත්ව මලපහ සහ අපද්‍රව්‍යය ඉතා ඝනත්වයකින් යුතුව ජලයේ ගල බසියි.

Read more

Local News