කල්පිටියේ අනතුරකින් අයෙක් මරුට

Share

කල්පිටිය පොලිස් වසමේ පාලවිය කල්පිටිය මාර්ගයේ කිලෝ මීටර් 38ත් 39 කණු අතරදී සිදු වු අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.

කල්පිටිය දෙස සිට පාලවිය දෙසට ධාවනය වූ කැබ් රථයක් හා ප්‍රතිවිරුදධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටී මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් බරපතල තුවාල ලබා යතුරුපැදිකරු කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මරණයට පත් පුද්ගලයා වයස 35ක් වූ කල්පිටිය පාර, කුරිඤ්ඤම්පිටිය ප්‍රදේශයේ පදිංචි දොන් රංජිත් නිරංජන් යන අය වෙයි.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අැති අතර කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News