කේරළ ගංජා තොගයක් සමඟ 2ක් දැලේ

Share

කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලිමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර අැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, යතුපැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එහිදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 41යි ග්‍රෑම් 530ක් සොයාගෙන තිබේ.

ඔවුන් අද(31) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News