2021දී පන්තියක සිටිය යුතු උපරිම සිසුන් ගණන මෙන්න

39

ප්‍රතිපත්තිමය තීරණය අනුව මෙම වසරේ දී  2021 වර්ෂය වන විට එක් පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක් විය යුතු බවත් පාසල්වල පළමු ශ්‍රේණියේ එක් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව 37 ක් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ ඇතැම් පාසල්වල දේශපාලනික හේතු සහ වෙනත් විවිධ හේතූන් මුල් කරගනිමින් එම තත්ත්වයන් ඒ අයුරින් ම තවමත් ක්‍රියාත්මක නොවන බවට වාර්තා වී ඇති බවයි.

එමෙන්ම ජාතික මට්ටමින් ලබාදෙන තීන්දු තීරණ වෙනස් කිරීමට හෝ ක්‍රියාත්මක නොකර සිටීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ පසුගිය දා කුලියාපිටිය කිලින්පොල ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.