සියලු රජයේ ඖෂධවේදීහු වැඩ වර්ජනයක

Share

සේවා අවශ්‍යතාවයක් නොමැතිව සිදු කරන ලද අනිසි බඳවාගැනීමකට විරෝධය පලකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01) ලෙඩ නිවාඩු දමා ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රියංකර පෙරේරා මහතා පවසන්නේ වැඩවර්ජනය දියත් වුවද ළමා රෝග, පිළිකා, වකුගඩු රෝග සහ හදිසි අනතුරු වැනි අත්‍යාවශ්‍ය කටයුතු රෝගීන්ට අපහසුතාවයක් සිදු නොවන පරිදි පවත්වාගෙන යන බවයි.

අද සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමඟ සාකච්ජාවක් පැවැත්වීමට  වාචික කැඳවීමක් ලැබී ඇති බවත් ගැටලුව යහපත් ලෙස විසඳේයැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මීට පෙර මෙම ගැටලුව සම්බන්ධව දැනුම් දුන්නද සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්  බැවින් වැඩවර්ජනයක්  සිදුකිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News