ප්‍රසන්නගේ නඩුවත් කල්යයි

Share

කොළඹ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර බලාත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද(01) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.

එහිදී මෙම නඩුවේ පැමිණිලිකාර ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් නමැත්තාගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන් කෙරුණි.

වැඩිදුර විමසීම ලබන 14 වනදාට කල් තැබුණි.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේශ් කුමාර් ෆාරික් නැමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

Read more

Local News