පළාත් සභාවල සියයට 25ක කාන්තා නියෝජනය සුරක්ෂිත කිරීම සඳහා තමන් හැකි උපරිමයෙන් කැපවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ (31) දින පැවැති ජනහමුවකට සහභාගීවෙමිනි.
තමා තනිව හෝ පළාත් සභා මට්ටමින් කාන්තා නියෝජනය රැකීමට කටයුතු කරන බව ද මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියේය.
පළාත් සභා මට්ටමින් හෝ ප්‍රාදේශීය සභා මට්ටමින් හෝ පාර්ලිමේන්තුවේ අද වන විට කාන්තා නියෝජනය සියයට 5කට වඩා අඩු ප්‍රතිශතයක් ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.
පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කලාපය දකින විට අද වන විට ජනතාවට බොහෝ කලකිරුණු ස්වභාවයක් දැකිය හැකි බව ද පැවසු මන්ත්‍රීවරයා හොඳ නියෝජිතයින් සෑම පක්ෂයක් තුළම සිටින බවත් වැරද්ද ඇත්තේ ඡන්ද දායකයින්ගේ බව ද කියා සිටියේය.