හෙට සිට වැස්සේ වැඩිවීමක්

Share

දිවයිනේ වැසි තත්ත්වය තරමක වැඩි වීමක් හෙට (03) සිට බලාපොරෝත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

සබරගමුව, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 වැඩි තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read more

Local News