මහනුවර තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

Share

මහනුවර කොළඹ වීථීයේ තෙමහල් ගොඩනැගිල්ලක ඊයේ(01) රාත්‍රීයේ හදිසියේ හට ගත් ගින්නක් හේතුවෙන් එම ගොඩනැගිල්ලට සහ එහි පහත මාලයේ තිබූ වෙළඳ භාණ්ඩවට විශාල වශයෙන් හානි සිදුව තිබේ.

ඊයේ රාත්‍රීයේ හට ගත් මෙම ගින්න පාලනය කිරීම සඳහා මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවීමේ රථ රැසක් යොදා ගෙන ඇති අතර එම ගොඩනැගිල්ල තුළ සිර වි සිටි සේවකයින් මුදා ගැනීමට දැඩි වෙහෙසක් දරා ඇති බවට වාර්තා වෙයි.

පසුගිය දා මහනුවර යටිනුවර වීදියේ ගින්නක් ඇති වූ සිව් මහල් ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ සිට අඩි 100 ක් පමණ දුරින් මෙම ගිනිගත් ගොඩනැගිල්ල පිහිටා තිබේ.

කෙසේ නමුත් මෙම ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News