කේරළ ගංජා සමඟ 2ක් අත්අඩංගුවට

Share

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් ඊයේ(04) දින කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 77යි ග්‍රෑම් 800ක් සමඟ අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අයියකච්චි ප්‍රදේශයේ පදිංචි පිරිසක් වෙයි.

සැකකරුවන් චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

චාවකච්චේරි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News