පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී විශ්‍රාම යයි

Share

පොලිස් විශේෂ කාර්යය බලකාය බාර අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා අද(05) එම ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබේ.

1979 වසරේ ජනවාරි මස 15 වන දින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක් වූ ඒ මහතා පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරම්භක සාමාජිකයෙකු වෙයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා 2016 වසරේ අගෝස්තු මස 19 වන දින මෙරට 11 වන පොලිස් විශේෂ කාර්යය බලකාය බාර අණදෙන නිලධාරියා ලෙස වැඩ භාරගනු ලබයි.

පසුගිය වසර කිහිපය තුළ පාතාල මර්දන කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.

Read more

Local News