මෙරට ගුවන් මගියෙක් යානයක් තුළ දී මිය යයි

Share

කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද(05) අළුයම පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළ දී මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

ඔහුට හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති බව ගුවන් තොටුපළ වෛද්‍යවරුන් පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 59 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු වෙයි.

මෙම පුද්ගලයා අද උදෑසන 6.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයේ ගමන් ගෙන තිබේ.

Read more

Local News