උඩුමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

Share

මීටියාගොඩ, උඩුමුල්ල ප්‍රදේශයේ දී ඊයේ(05) සවස සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙයි.

මෙහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු බරපතළ තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර අැති අතර මෙම පුද්ගලයාගේ අතකට බරපතළ තුවාල සිදුව තිබේ.

මෙම සිදුවීම පිළිබඳ පොලීසියට තොරතුරු අනාවරණය වී නොමැති අතර, රෝහල මඟින් මෙම සිදුවීම පොලීසියට දන්වා ඇත්තේ සිදුවීම සිදුවී පැය 4කට පමණ පසුව බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News