අද (06) පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 02.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිත බව කතානායක කාර්යාලය සදහන් කරයි.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
එමෙන්ම ජාතික ආණ්ඩු යෝජනාව පිළිබඳව ද පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තාවෙයි.