Tuesday, March 19, 2024.

මාකදුරේ මදුෂ් අත්අඩංගුවට ගැනිම රංජිත් අගය කරයි

Share

ඉකුත් දින මාකදුරේ මදුෂ් අැතුළු පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව ආරක්ෂක අංශ සිදුකළ කාර්යභාරය අගය කළ යුතුබව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඩුබායි සිට මාකඳුරේ මදුෂ් නැමැති නායකයා නොයෙක් පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධව කටයුතු කළ බවත් කාලයක් තිස්සේ පොලීසිය සේම විශේෂ කාර්ය බලකායද එක්ව මේ සම්බන්ධව කටයුතු කළ ආකාරය නිසා මෙසේ අද වන විට එම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ ඒ සම්බන්ධයෙන් පොලීසියටත් මත්ද්‍රව්‍ය විශේෂ බලකායටත් විශේෂ ගෞරවය පිරිනැමිය යුතු බවයි.

මාකදුරේ මදුෂ් ව්‍යාජ ගමන් බලපත්‍ර යොදා ගනිමින් විදේශ ගත වූ බවත් ඒ සම්බන්ධයෙන් පොලීසිය කාලයක් තිස්සේ කටයුතු කළ බවත් පැවසීය.

එසේම මෙම මෙහෙයුම කාලයක් තිස්සේ සිදු කළ බවත් පවසමින් ඒ මහතා සඳහන් කලේ මත්ද්‍රව්‍ය සම්බන්ධව කටයුතු වලදී සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් මෙම පුද්ගලයාව ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මත්ද්‍රව්‍ය වලින් සේම පාතාල කටයුතු වලින් රට මුදා ගැනීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

Read more

Local News