Tuesday, March 19, 2024.

කොකේන් සමඟ විදේශිකයන් 2ක් අත්අඩංගුවට

Share

බස්නාහිර උතුර පොලිස් අපරාධ කොට්ඨාසය මඟින් කොකේන් ග්‍රෑම් 90ක් සමඟ විදේශකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(07) පස්වරුවේ කඳාන දුම්රිය ස්ථානය අසල සිදුකළ වැටලීමකදී කොකේන් ග්‍රෑම් 90 මිලි ග්‍රෑම් 90ක් සමඟ විදේශිකයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම කොකේන්වල වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් විදේශිකයින් දෙදෙනා ඉතාලි සහ ඊශ්‍රයිල් ජාතිකයින් වන අතර මොවුන් දෙදෙනා සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් මෙම ජාවාරමේ සිදුකර තිබෙන බවටයි වාර්තා වනනේ.

ඔවුන් දෙදෙනා අද(08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News