දික්ඔය මුලික රෝහලට නවිනතම පහසුකම්වලින් සමන්විත ගිලන් රථයක්

Share

වතුකරයේ ජනතාවට ගුණාත්මක සෞඛය සේවයක් ලබාදිම සඳහා නවිනතම පහසුකම්වලින් සමන්විත ගිලන් රථයක් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා විසින් අද(08) දික්ඔය මුලික රෝහල වෙත භාරදෙනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් දිවයින පුරා රෝහල් වෙත බෙදා දුන් ෆෝඩ් වර්ගයේ ගිලන් රථවලින් දික්ඔය මුලික රෝහල වෙත ගිලන් රථයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යය රාජිත සේනාරත්න මහතාගෙන් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කරන ලද විශේෂ ඉල්ලිමක් මත රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් ලබාදුන් ගිලන් රථයකුයි අමාත්‍යය පලනි දිගම්බරම් මහතා විසින් අද දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යය කිත්සිරි සමරකොන් මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවේ.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් රෝහලේ සිදු කරන සංවර්ධන කටයුතුවලට අමතරව වතුකරයේ ජනතාවට ගුණාත්මක වෛද්‍ය සේවයක් ලබාදිම සඳහා කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත රෝහල් පරිපාලනය හඳුනාගෙන ඇති සංවර්ධන කටයුතු රාශ්‍රියක් කඩිනමින් සිදු කරදෙන බවයි.

මෙම ගිලන් රථය භාර දිමේ අවස්තාවට එම රෝහලේ නියෝජ්‍යය අධ්‍යක්ෂක වෛද්‍යය සංජය නවරත්න, දික්ඔය මුලික රෝහලේ සංවර්ධන කමිටුවේ නිලධාරින් සහ දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය ද
සහභාගි විය.

Read more

Local News