පාසල් යන සෑම දරුවකුටම ලක්ෂ දෙකක සෞඛ්‍ය රක්ෂණයක්

Share

රටේ ඉතිහාසයේ පළමු වතාවට පාසල් යන සෑම දරුවකුටම ලක්ෂ දෙකක සෞඛ්‍ය රක්ෂණයක් ලබා දී තිබෙන බව වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවසීය.

වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා ඊයේ(08) මාතර දිස්ත්‍රක්කයේ දුෂ්කර ගම්මානයේ කොලවෙනිලම මහ විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් පැවසීය.

අමාත්‍ය සාගල රත්නායක මහතා තම පියා වසර කිහිපයක් අධ්‍යාපනය හදාරණ ලද මාතර දිස්ත්‍රක්කයේ දුෂ්කර ගම්මානයේ කොලවෙනිලම මහ විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙහිදී සහභාගී වී තිබේ.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ලංකාවේ අධ්‍යාපනය ලබන සෑම ළමයෙකුටම මෑත ඉතිහාසයේ ප්‍රථම වරට සෞඛ්‍ය රක්ෂණාවරණයක් හිමි වන බවයි.

ළමයෙකුට රෝගී අවස්ථාවකදී ඕනෑම රෝහලකින් ප්‍රථීකාර ගනිමින් එම වියදම් වසරකට ලක්ෂ දෙකක් දක්වා රක්ෂණය තුලින් පියවා ගැනීමට හැකි වන බවත් ඒමහතා ප්‍රකාශ කළේය.

Read more

Local News