හෙරොයින් සහ ජීව අත්බෝම්බයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය ප්‍රදේශයේ දී හෙරොයින් තොගයක් සහ විදෙස් රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් සිදුකළ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 23 යි මිලිග්‍රෑම් 460ක් සහ විදෙස් රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි සඳහන් වන්නේ.

ඔහු අද(11) මාලිගාකන්ද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News