මැණික් ඉල්ලම් ප්‍රවාහනය කළ 2ක් දැලේ

Share

බලපත‍්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් ඉල්ලම් තොගයක් වෑන් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හැටන් දික්ඔය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ ආසන්නයේ තිබූ මැණික් ඉල්ලම් කපා සැකකරුවන් දෙදෙනා ගොඩගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නොර්වුඞ් මහ මාර්ග කාර්යයාලයේ සේවය කරන ක්ෂේත‍්‍ර නිලධාරියෙකු ද සිටින බවට වාර්තා වෙයි.

මැණික් ඉල්ලම් තොගය සහ ඒවා ගොඩ ගැනිමට භාවිතා කළ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News