බඹර කුඩුවක් ඇවිස්සි 2ක්ට තුවාල

Share

බඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් මාර්ගයේ ගමන් ගන්නා වාහනවල ගමන් ගත් මගින්ට ප්‍රහාරයක් එල්ල කිරිම හේතුවෙන් තුවාල ලැබු දෙදෙනෙක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව චැපල්ටන් වතුයායේ ගසක බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වාහන වල ගමන් ගන්නා මගින්ට ප්‍රහාරයක් එල්ල කර ඇත.

අද(11) පස්වරු 4 ට පමණ බඹර කුඩුව ඇවිස්සි යතුරු පැදියෙකින් ගමන් ගත් තරුණයින් දෙදෙනෙකුට ප්‍රහාරයක් එල්ල කිරිමත් සමඟ වතු කම්කරුවන් ප්‍රධාන මාර්ගය අභියස ගිනි ගොඩක් ගසා දුමාරයක් ඇති කර බඹර ප්‍රහාරය පාලනය කිරිමට සමත් වි අැති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News