දියේ ගිලී පාසල් සිසුවෙක් මරුට

Share

උඩපුස්සැල්ලාව පොලිස් වසමේ රුපහ ප්‍රදේශයේ දී ඊයේ(11) සවස දියේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පන්සල අසල, රුපහ උඩපුස්සැල්ලාව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 14 ක් වු සමරකෝන් මුදියන්සේලාගේ පසිදු මධුරංග යන පාසල් සිසුවෙකි.

මිය ගිය දරුවා නිවස ආසන්නයේ ඇලක වැටී සිටිය බවට ‍ඔහුගේ සහෝදරයින් දෙදෙනෙකු දැක එය පියාට දැනුම් දීමෙන් පසු පියා විසින් දියේ ගිලී සිටි දරුවා ගොඩට ගෙන තිබේ.

මියගිය දරුවා මීමැස්මොර රෝගයෙන් පෙළෙන බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලට රැගෙන ගොස් තිබෙන අතර අද(12) දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

උඩපුස්සැල්ලාව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News