පාෙලිස් පරීක්ෂකවරියන් 3ක් අධිකාරී තනතුරට උසස් කෙරේ

Share

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවය මත පදනම්ව මෙම උසස් වීම් පිරිනමා තිබෙන අතර පෙබරවාරී මස 27 වන දින සිට මෙම උසස් වීම් ක්‍රියාත්මක වෙයි.

ජාතික පොලිස් කොමිසන් සභාවේ පූර්ණ අනුමැතිය මත මෙම උසස් වීම් ලබා දී ඇත.

ඒ අනුව කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ.ජේ.කේ.සෙනෙවිරත්න මහත්මිය මහනුවර කොට්ඨාශය සඳහාත්, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ඒ.එස්.මාරඹේ මහත්මිය අපරාධ වාර්තා කොට්ඨාශය වෙතට හා කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඒ.ජී.එන්.පී.වීරක්කොඩි මහත්මිය ඇමති ආරක්ෂක කොට්ඨාශය වෙතටත් අනුයුක්ත කර තිබේ.

Read more

Local News