එමිල් රන්ජන් 26 වනදා දක්වා යළි රිමාන්ඩ්

Share

‍2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා ලබන 26 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද(12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම පරීක්ෂණයට භාජනය වී තිබෙන ගිනි අවි පිලිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළ රහස් පොලිසිය එය ලැබීමෙන් පසුව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබෙන බවද අධිකරණයට දන්වා සිටියේය.

අනතුරුව සැකකරු ලබන 26 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද රහස් පොලීසියට නියෝග කළේය.

Read more

Local News