කටුගස්තොට ෆාමසිවල මත්ද්‍රව්‍ය විකුණන බව මෛත්‍රී කියයි

Share

අයිස් නැමති මත්ද්‍රව්‍ය කටුගස්තොට ප්‍රදේශයේ ඇති ෆාමසිවලින් මිල දී ගත හැකි බව අනාවරණය වී ඇතැයි මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

හික්කඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

තමා ආණ්ඩුකාරවරයා වශයෙන් පත්ව මධ්‍යම පළාතට ගොස් අද වන විට මාසයක කාලයක් ගත වී ඇති අතර කටුගස්තොට නගරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා භයානක තත්ත්වයකට පත්ව ඇති බව හෙතෙම මෙහිදී වැඩි දුරටත් පැවැසීය.

මීට විසඳුමක් ලෙස ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගේ වියදමින් ලක්ෂ 150 කට ආසන්න වටිනා කමකින් යුත් කැමරා පද්ධතියක් නගරයේ සවිකිරීමට යෝජනා කර ඇති බව ද ආණ්ඩුකාරවරයා මෙහිදී සඳහාන් කළේය.

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අනාගතයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ආණ්ඩුකාරවරයා, දරුවන් මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීමට නම් සිහි කල්පනාවෙන් යුතුව දෙමාපියන් කටයුතු කළ යුතු බවද පැවැසීය.

Read more

Local News