වතු කම්කරු වැටුප් වැඩිවෙයි ?

Share

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇතැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.‍

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

පසුගිය ජනවාරි මස සාමූහික ගිවිසුම අත්සන් කිරීම තුළින් සැබෑ ලෙසම වතු කම්කරුවන්ට හිමි වූයේ රු 20.00 ක පමණ වැටුප් වැඩිවීමක් පමණක් බැවින් දමිළ ප්‍රගතිශීලී සන්ධානය එයට විරුද්ධ වූ බව අමාත්‍යවරයා කියා පැවසීය.

සාමූහික ගිවිසුම දමිළ ප්‍රගතිශීලි සන්ධානය පිළි නොගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා ඇතුළු දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේසන් මහතා, නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, නියෝජ්‍ය නායක අමාත්‍ය වී රාධ ක්‍රිෂ්නණ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතා යන අය සහභාගී විය.

Read more

Local News