අධිකරණ ඇමතිට තවත් කමිටු වාර්තාවක්

Share

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියාකළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය වෙත බාර දෙයි.

ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අධිකරණ ඇමති වෙත බාරදීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී ඊයේ(12) පස්වරුවේ සිදු විය.

එම කමිටුව 2015අප්‍රේල් මස 06 වන දින සාමාජිකයින් දොළොස් දෙනෙකුගෙන් යුතුව පත් කර ඇති අතර බාරදුන් වාර්තාවේ නිර්දේශවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Read more

Local News