අද සහ හෙට ඩෙංගු මර්ධන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක්

Share

දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වැඩිවිමේ අවධානමක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

පරිසරය තුළ මඳුරුවන් බෝවිය හැකි ජලය රැදුණු ස්ථාන සුලබව ඇති විය හැකි බැවින් ඩෙංගු මඳුරුවන් බෝ විමේ අවධානම ඉහළ යා හැකි බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම තත්ත්වය අවම කර ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීම වැලැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් අද(14) හා හෙට(15) යන දිනයන් හිදි පැවැත්වීමට කටයුතු සලසා ඇත.

මෙය කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය යන දිස්ත්‍රික්කවල හඳුනාගත් වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල ජනාධිපති කාර්යසාධක බලකාය හා ඩෙංගු මර්ධන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි.

මෙහිදී නිවාස, පාසල්, වැඩිබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන පොදු ස්ථාන ඇතුළු සමස්ථ පරිශ්‍ර නිරීක්ෂණයට ලක් කරන අතර මඳුරැවන් බෝවන හෝ බෝ විය හැකි ස්ථාන හඳුනාගත් විට ප්‍රජාව සමඟ ඒකාබද්ධව ඔවුන්ගේ සහභාගිත්වයෙන් එම ස්ථාන ඉවත් කිරීමට හෝ සුදුසු ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරයි.

මෙම විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 650 ක් පමණ එක්දිනකට සිය දායකත්වය ලබා දෙයි.

Read more

Local News