විශේෂ රථවාහන මෙහෙයුමක් අද

Share

අද(14) දිනයේ දී දිවයින පුරා විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රථවාහන පොලීසිය විසින් සැලසුම් කර තිබේ.

ඒ අනුව අද උදෑසන 6 සිට සවස 6 දක්වා පුරා පැය 12 ක කාලයක් මෙම රථ වාහන මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබයි.

විශේෂයෙන් අධිකරණ, පාසල් හා රෝහල් පිහිටි ස්ථාන අසලින් රථවාහන ගමන් කිරීමේ දී නලා වාදනය කිරීමෙන් බාධා ඇතිව තිබෙන බවට රථවාහන පොලීසියට බොහෝ පැමිණිලි ලැබී තිබේ.

ඒ අනුව මෝටර් වාහන පනතේ(203 වන අධිකාරය) වගන්ති 155(2)(1) උපවගන්තිය අනුව තනි ස්වරයක් හඬවන නලාවක් හැර, කිසිදු ඩිස්ල් හඬක් හෝ නලා හඬක් නාගරික ප්‍රදේශයක් තුළ යම් මාර්ගයක ඇති යම් මෝටර් වාහනයකින් ශබ්ද කරනු නොලැබිය යුතු වෙයි.

Read more

Local News