මෝටර් රථයකින් කුඩු ප්‍රවාහනය කළ 2ක් පොලිස් දැලේ

Share

මෝටර් රථයකින් හෙරොයින් ග්‍රෑම් 100ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව කටුනායක මාර්ගයේ කටුනායක දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී හෙරොයින් සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.

ඔවුන් අද(14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටුනායක පොලීසිය සිදු කරයි.

Read more

Local News