මෙරටට ගෙන අා රුපියල් 5000 නෝට්ටු 140ක් සමඟ අයෙක් මාට්ටු

Share

ශ්‍රී ලංකාවේ භාවිතා කරන රුපියල් පන්දහසේ නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රාජකාරියේ නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 37 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි අයෙක් බවට වාර්තා වෙයි.

ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ මෙම රුපියල් ලක්ෂ 07 ක් වටිනා ශ්‍රී ලංකාවේ භාවිතා කරන රුපියල් පන්දහසේ නෝට්ටු 140 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ශ්‍රී ලංකා රුපියල් තොගය රාජසන්තක කළ බව ද වාර්තා වෙයි.

Read more

Local News