සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 54 කට පන්ති තහනමක්

Share

නවක වධ සිද්ධියක් සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 54 දෙනෙකුට පන්ති තහනමක් පනවා තිබේ.

උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසුවේ එම විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසකට මෙම පන්ති තහනම පනවා ඇති බවයි.

කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා වෙත දින කිහිපයක සිට ලද පැමිණිලි පිළිබඳව සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඔවුන්ට සතියක කාලයක් පන්ති තහනම් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

Read more

Local News