ජීවී කැස්බෑවෙකු ගමන්මල්ලක සඟවාගෙන යමින් සිටි අයෙක් අත්අඩංගුවට

Share

ගමන් මල්ලක් තුළ ජීවී කැස්බෑවෙකු සඟවාගෙන පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ(14) අත්අඩංගුවට ගෙන තිබේ.

පාමුර සංචාරයේ යෙදී සිටි උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ දින ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය රෝහල ඉදිරිපිටදී සැක සහිත ලෙස පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවතා පරීක්‍ෂාවට ලක්කර ඇත.

ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය රෝහල ඉදිරිපිටදී උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසුණුයි අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී ඔහු සතුව තිබූ ගමන් මල්ලෙහි සඟවාගෙන සිටි කැස්බෑවා සොයා ගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ කැස්බෑවා ඩෙල්ෆ්ට්, පොලිසිය වෙත භාරදීමට කටයුතුකර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News