ෆයිනස් වන වගා රක්ෂිතයක ගින්නක්

Share

හැටන් වන අඩවි කාර්යයාලය යටතේ පාලනය වන වටවල ඉහළ වටවල ප්‍රදෙශයේ ෆයිනස් වන වගා රක්ෂිතයක අද(15) ගින්නක් හටගෙන ඇති බව වටවල පොලිසිය පැවසිය.

ඉහළ වටවල දුම්රිය ස්ථානයට ඉහළින් ෆයිනස් වන වගා රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 10 පමණ කොටසක් මේ වන විට ගිනිගෙන විනාශ වි ඇති බවයි වන සංරක්ෂණ කාර්යයාලයේ නිලධාරින් කියා සිටියේ.

පැතිර යන ගින්න පාලනය කිරිමට වන අඩවි නිලධාරින්, වටවල ප්‍රදේශවාසින්ගේ ද සහයෝගය ඇතිව ෆයිනස් වන වගා රක්ෂිතයට ඇතුල් වි ඇති බවයි හැටන් අඩවි වන කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ.

කිසියම් පිරිසක් මෙම ෆයිනස් වන වගා රක්ෂිතයට ගිනිතබන්නට ඇති බව වටවල පොලිසිය සැක කරයි.

Read more

Local News